නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වරෙන්තු
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ හම්බන්තොට මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.
අප වාර්තාකරු පැවසුවේ හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.