අසත්‍යය රජ කිරීම තාවකාලිකයි
දේශපාලනඥයන් වෛරකාරයන් බවට පරිවර්තනය කරන වෛරී දේශපාලනය ඉවත දමන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පවසනවා.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස පැවසුවා.
“පාර්ලිමේන්තුවේ අවුරුදු 30ක් හිටපු කෙනෙක් හැටියට මේ රට යන්නේ කොහෙටද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. මම ගමෙන් පැමිණි කෙනෙක්. ගමේ සංවර්ධනයට 2005 සිටම දායකත්වය දුන්නා. ගමේ මිනිසුන්ගේ අවශ්‍යතාව තමයි නඩත්තු කිරීම, ආරක්ෂා කිරීම, අවශ්‍ය මානව සම්පත දීම සහ අවශ්‍ය භෞතික සම්පත දීම. සංවර්ධන කමිටුවක සභාපති කෙනෙක් ගත් විට උදේ සිට සවස් වනතුරු නිලධාරීන් සමඟ සාකච්ඡා කළා සේම ඒ සාකච්ඡාවෙහි ප්‍රතිඵලයක් තිබිය යුතුයි. ප්‍රගතියක් තිබිය යුතුයි. දැන් මාස 11කට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් කිසිම දෙයක් සිදුවී නෑ. ගමට අවශ්‍ය කටයුතු කිරීමේ වගකීමක් ද තිබෙනවා. ඒ වගකීම ඉෂ්ට නොකර මුසාව, බොරුව තවමත් පැලපදියම් කරමින් අසත්‍යයට ඉදිරියට යන්න අවශ්‍ය පසුබිම සකස් කරදී තිබෙනවා. සත්‍ය වසන් කර තිබෙනවා. මේ සත්‍ය වසන් කිරීම එතරම් හොඳ කාරණයක් නොවේ. අසත්‍යය රජ කිරීම එය තාවකාලිකයි.”