ආරක්ෂක සේවා බාස්කට්බෝල් කාන්තා ශූරතාව ගුවන් හමුදාවට
ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධාන කරන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ බාස්කට්බෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් ව්ය.
ගුවන් හමුදා කාන්තා පිල අඛණ්ඩව තෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීම කැපී පෙනුණු අතර, පසුගියදා වැලිසර කමාන්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවති අවසන් තරගයේදී ගුවන් හමුදාව විසින් තියුණු තරගයකින් අනතුරුව ලකුණු 46-45ක් ලෙස නාවික හමුදා පිල පරාජය කළා.
මේ තරගාවලියේ පිරිමි ශූරතාව ලකුණු 79-65ක් ලෙස යුද හමුදාව දිනා ගත් අතර, අනුශූරතාව ගුවන් හමුදාව සතු විය.
මේ තරගාවලියේ ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාවේ රියර් අද්මිරාල් එච්.කේ. දසනායක මහතා සහභාගි වූ අතර, නාවික හමුදා බාස්කට්බෝල් කණ්ඩායමේ සභාපති කපිතාන් පී.එන්. නානායක්කාර, යුද හමුදා බාස්කට්බෝල් කණ්ඩායමේ සභාපති මේජර් ජෙනරාල් ප්‍රනාන්දු, ගුවන් හමුදා බාස්කට්බෝල් කණ්ඩායමේ සභාපති එයාර් කොමඩෝර් ඩබ්ලිව්.පී.ඒ.එච්. පෙරේරා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා බාස්කට්බෝල් ලේකම් වින්ග් කමාන්ඩර් එච්.කේ.එච්. ඩයස් යන මහත්වරුන් හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී ව්ය.