ඉන්දීයාවේ බැතිමතුන් ගමන් ගත් බස් රථයක් අනතුරක
ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉන්දියාවේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අනතුරිත් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන්ගෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ.
අනතුරට පත් වූ බස් රථයේ සිට ඇත්තේ ජල පූජාවක් වෙනුවෙන් ගමන් කළ බැතිමතුන් 35දෙනෙකු ගමන් කළ බස් රථයකි.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අනතුරට හේතුව සොයා ඉන්දීය බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.