free web stats

කැලිෆෝනියාවේදී ප්‍රහාරක ජෙට් යානයක් ගිනිගෙන කඩා වැටෙයි

අමෙරිකාවේ මධ්‍යම කැලිෆෝනියා ප්‍රාන්තයේදී එරට ගුවන් හමුදාවට අයත් එෆ්-35 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් උඩු ගුවනේදී ගිනි ගෙන කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුවන මොහොතේදී එහි නියමුවා ස්වයංක්‍රීය ආධාරකය ක්‍රියාත්මක කරමින් යානයෙන් ඉවතට පැනීමට සමත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

යුද මෙහෙයුම් සඳහා භාවිතයට ගන්නා එම ප්‍රහාරක ජෙට් යානය කඩා වැටීම සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

මේ වසරේදී අනතුරට ලක්වූ දෙවැනි ප්‍රහාරක ජෙට් යානය මෙය වන අතර, පසුගිය ජනවාරියේදි ඇලස්කාවේදී සිදුවූ එෆ්-35 ප්‍රහාරක ජෙට් යානා අනතුරින් ද ජීවිතය බේරා ගැනීමට එහි නියමුවා සමත්වූ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *