Evolution Auto ලංකාවේ දැවැන්තම EV රථ එකතුවක් එළිදක්වයි
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී ඊයේ (අගෝස්තු 1) දින,2025 Motorshow ප්රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
එහිදී ශ්රී ලංකාවේ විද්යුත් ප්රවාහන ක්ෂේත්රයේ ප්රමුඛයා වන Evolution Auto, ශ්රී ලංකාවේ පුළුල්තම විදුලි වාහන (EV) එකතුව එළිදක්වමින්, ශ්රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්රයේ ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව පියවරක් සනිටුහන් කරනු ලැබුවා.
ගෝලීය වෙළඳ නාම පහකට අයත්, නවතම වාහන මාදිලි හතක් හඳුන්වා දීමට Evolution Auto කටයුතු සංවිධානය කර තිබුණා.
මෙම නව පියවර සමගින්, යතුරු පැදි, ත්රිරෝද රථ, වෑන් රථ, පිකප් රථ සහ සුඛෝපභෝගී මගී වාහන යන සියල්ල ආවරණය කරමින්, ශ්රී ලංකාවේ විද්යුත් වාහන ස්ථාපනය කරන විප්ලවයේ පුරෝගාමියා ලෙසින් නොසැලෙන ස්ථානයක Evolution Auto ස්ථානගත වනු ඇත.
Evolution Auto සමාගමේ මෙම සුඛෝපභෝගී EV රථ හඳුන්වා දීමේ අවස්ථාවේ දී, AVATR, XPENG, IM Motors, Riddara by Geely සහ KYC ඇතුළු සුවිශේෂී පරාසයක ඇති ගෝලීය වෙළඳ නාමයන් ගණනාවක් දක්නට ලැබීම විශේෂත්වයක් වේ.
තමන්ගේ දිනෙන් දින පුළුල් වන EV රථ පෙළගැස්මට පසුතලයක් සපයමින්, Evolution Auto ශ්රී ලංකාව තුළ තමන්ගේ සළකුණ ක්රමයෙන් පුළුල් කරමින් සිට්න අතර Evolution Auto ඉක්මනින්ම ඩුප්ලිකේෂන් පාරේ තමන්ගේ flagship premium ප්රදර්ශනාගාරය විවෘත කිරීමට නියමිතව සිට්යි. ඊට අමතරව ඔවුන් තම එක් ප්රදර්ශනාගාරයක් හැව්ලොක් සිටි තුළ ද, KYC මාදිලි සඳහාම වෙන් වූ ප්රදර්ශනාගාරයක් පෑලියගොඩ ද ස්ථාපනය කොට තිබෙනවා. එසේම, පෑලියගොඩ විවෘත වන Evolution Auto හි නව බහු-සන්නාම EV රථ සේවා සංකීර්ණය, ආයතනය විසින් නියෝජනය කරන සියලුම වෙළඳ සන්නාමයන්ට අයත් වාහන මාදිලි සඳහා අලුත්වැඩියා සේවාවන් සහ නඩත්තු සේවාවන් ලබා දීමටත්, එසේම අලෙවියෙන් පසු සේවාව ලබා දීමටත් වෙන්වනු ඇත.
මෝටර් ෂෝ ’25 ප්රදර්ශනය සමඟ Evolution Auto හි අළෙවි ප්රධානි අෂාන් වික්රමසිංහ මහතා ද එක්ව සිට්යා.




