දෙමළ සිනමාව සිනහවෙන් රසගැන්වූ මාධන් බොබ් මියයයි
ඔහුටම ආවේණික සිනහව සහ විනෝදජනක රඟපෑම් තුළින් චිත්‍රපට රසිකයින් සතුටු කළ ජනප්‍රිය දෙමළ චිත්‍රපට නළු මාධන් බොබ් මියගොස් තිබෙනවා.
රෝගී තත්වයක් හේතුවෙන් සෙනසුරාදා ඔහු මියගිය බව ඔහුගේ පවුලේ සමීප ආරංචි මාර්ග පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පිළිකාවක් සමඟ පොරබදමින් සිටි ඔහු සෙනසුරාදා සවස ඔහුගේ අඩයාර් නිවසේදී මියගොස් තිබේ. මිය යන විට ඔහු 71වැනි වියෙහි පසු විය.
ඔහුගේ කැපීපෙනෙන චරිත කිහිපයක් වූයේ: තෙනාලි චිත්‍රපටයේ දියමන්ති බාබු සහ ෆ්‍රෙන්ඩ්ස් හි කළමනාකරු සුන්දරේසන් ය.
ඔහු කුමන චරිතයක් රඟපෑවත්, ඔහුගේ රංගන කුසලතා ප්‍රේක්ෂකයන් සිනාගැන්වීමට සමත්විය.