වියට්නාමයට සුළි කුණාටුවක්
වියට්නාමයේ මුහුදුබඩ ප්‍රාන්ත රැසකට බලපා ඇති කජීකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 6කට අධික ජනතාව ඉවත් කිරිමට බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධික සුළං තත්ත්වයත් සමඟ ධාරානිපාත වර්ෂාවක් ඇදහැලීමෙන් පසු සුළි කුණාටු අනතුරු ඇඟවිම් ද නිකුත් කර ඇති අතර, ඊයේ පස්වරුව වන විට ‘හා ටින්‘ නමැති මුහුදුබඩ ප්‍රාන්තයට පැයට කිලෝමීටර් 130ක වේගයෙන් කඩාවැදුණු සුළි කුණාටුවෙන් නිවාස රැසකට හානි සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
වියට්නාමයේ කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර ඇත්තේ සුළි කුණාටුවත් සමඟ හදිසි ගංවතුර සහ නාය යෑමේ තත්ත්වයක් උද්ගත විය හැකි බවයි.
පසුගිය වසරේදී වියට්නාමයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, එය ඉතිහාසයට එක්වූයේ වසර 30කට පසු වියට්නාමයට කඩාවැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙසටයි.