free web stats

ශකීබ් අල් හසන් ගෙන් වාර්තාවක්

බංග්ලා­දේශ තුන් ඉරි­යව් ක්‍රීඩක ශකීබ් අල් හසන් විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසු කිරී­මට පසු­ගි­යදා සමත් විය. මේ සමඟ විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 500ක් දවා ගනි­මින් ලකුණු 7000 සීමාව පසු කිරී­මට සමත් වූ ලොව පළමු ක්‍රීඩ­කයා ලෙස ශකීබ් ක්‍රිකට් වාර්තා අත­රට එක් විය.

මේ දින­වල බට­හිර ඉන්දීය කොදෙව් දූප­ත්හිදී පැවැ­ත්වෙන කැරි­බි­යන් ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ ඇන්ටි­ගුවා හා බාබුඩා ෆැල්කන්ස් පිල නියෝ­ජන කරන ශකීබ් පසු­ගිය 24 වැනිදා පැවති තර­ගා­ව­ලියේ 11 වැනි තර­ග­යේදී සාන්ත කිට්ස් පිලට එරෙ­හිව තර­ග­යේදී මොහො­මඩ් රිස්වාන්ගේ කඩුල්ල දවා ගනි­මින් විස්සයි20 තරග බිමේ 500 වැනි කඩුල්ල සට­හන් කර­ග­ත්තේය. එම තර­ග­යේදී ඔහු කඩුලු 3ක් දවා ගැනී­මට සමත් විය.

විස්සයි20 තරග බිමේ කඩුලු 500 සීමාව පසු කළ ලොව 5 වැනි ක්‍රීඩ­කයා ලෙස ශකීබ් වාර්තා අත­රට එක් විය. රෂීඩ් ඛාන් (660), ඩ්වේන් බ්‍රාවෝ (631), සුනිල් නරේන් (590) සහ ඉම්රාන් තහීර් (554) සිටිති.

ලකුණු 7000ක් සමඟ කඩුලු 500ක් දවා­ගෙන ශකීබ් (7574) ඉදි­රි­යෙන් පසු වෙද්දී ඔහුට පසු­ප­සින් බ්‍රාවෝ කඩුලු 631ක් දවා­ගෙන සිටි­යත් රැස් කර­ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 6970කි. විස්සයි20 වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩ­ක­යන් අතර ඇන්ඩෘ රසල් (9361) ඉදි­රි­යෙන් සිටි­යත් ඔහු දවා­ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 487කි.

විස්සයි20 වැඩි කඩුලු ලාභීන්ගේ ලැයි­ස්තු­වෙන් ඉදි­රි­යෙන්ම පසු­වන ශ්‍රී ලාංකික ක්‍රීඩ­කයා ලසිත් මාලිංග වන අතර, ඔහු දවා­ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 390කි. තිසර පෙරේරා කඩුලු 282ක් සහ ඉසුරු උදාන කඩුලු 237ක් මහීෂ් තීක්ෂණ කඩුලු 208ක් දවා ගනි­මින් 200 සීමාව පසු­කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *