free web stats

මෙරට පොල් ආදායම 2030දී ඉහළ නංවනවා

මෙරට පොල් ආදායම වසර 2030 වනවිට ඩොලර් මිලියන 1500ක් දක්වා ඉහළ නැංවීමේ බලාපොරොත්තුවෙන් ‘කප්රුක් සවිය රටම සවිකරයි නිරතුරු’ වැඩසටහන ක්‍රියාත්මක කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවා.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසූවේ.

“ප්‍රධාන වැවිලි භෝගයක් වන පොල් විශාල අපනයන ආදායමක් රටට උපයා දුන්නත් පහුගිය කාලයේ මෙරට පරිභෝජනයටවත් ප්‍රමාණවත් පොල් අස්වැන්නක් නැති වුණා. පොල් මිල ඉහළ ගොස් ජනතාව පීඩාවට පත්වුණා. පහුගිය කාලයේ පොල් වගා ක්ෂේත්‍රයට නිසි අවධානයක් යොමු නොකිරීම සහ නිසි සැලැස්මක් සහිතව පොල් වගාව ක්‍රියාත්මක නොකිරීම නිසා මේ තත්ත්වය ඇතිවූ බවයි අපි දකින්නේ. වත්මන් රජය පොල් සහ අනෙකුත් වැවිලි ක්ෂේත්‍රවලට උපායමාර්ගික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව යුනිඩෝ ආයතනයත් සමඟ එකතු වෙලා පොල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පස් අවුරුදු උපායමාර්ගික සැලැස්මක් සකස් කර තිබෙනවා.

2030 වනවිට මෙරට පොල් අස්වැන්න ඉහළ දමා පොල්වලින් උපයන ආදායම ඉහළ නංවන්න සැලසුම් කර තිබෙනවා. 2024 වසරේදී පොල් අස්වැන්න ගෙඩි මිලියන 2754යි. නමුත්, වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 3000ක් අවශ්‍ය වෙනවා. 2030 වසර වනවිට මේ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ අනුව 2030 වනවිට පොල් අස්වැන්න මිලියන 4200 දක්වා ඉහළ නංවන සැලසුම් කරලා තිබෙනවා.

2024 වසරේ අවශ්‍ය පොල් ප්‍රමාණය නොතිබුණු නිසා කර්මාන්ත සහ පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් පොල් ගෙඩි මිලියන 200ට ආසන්න ප්‍රමාණයක් කැබිනට් පත්‍රිකා දාලා ආනයනය කරන්න සිදු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *