බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කරන වෙනස් ක්‍රමේ මෙන්න
විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ අනුව සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා දිනකට කිලෝග්‍රෑම් 3000ක් දක්වා වූ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී බෝට්ටු 04ක් යෙදවීමට නියමිතව ඇත.
ඒ හරහා බේරෙ වැවේ ජල තත්ත්වය වැඩිදියුණු කිරීම, පරිසර පද්ධතිය ප්‍රතිසාධනය, බේරෙ වැව ආශ්‍රිත කලාපයේ සෞන්දර්ය අගය වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව වැනි කාර්යයන් ඉටුකර ගැනීමට නියමිතවේ.