free web stats

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (13) පැවැත්වේ.

මේ වන ව්ට තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කර තිබෙනවා.

‘B’ කණ්ඩයේ තරගයක් ලෙසින් අබුඩාබිහිදී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය වේ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී විස්සයි20 තරගයකදී මුණගැසෙන තෙවන අවස්ථාව ද මෙයයි.

පෙර පැවැති තරග දෙක සාජා හා ඩුබායි හිදී පැවති අතර, එම තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත.

ඒ අනුව ඔවුනොවුන් අබුඩාබි හිදී විස්සයි20 ක්‍රිකට් තරගයකදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව ද මෙය වේ.

මෙම තරගාවලිය යටතේ බංග්ලාදේශය ක්‍රීඩාකළ පළමු තරගයෙන් හොංකොං කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට සමත් වූ අතර, ඒ සමග ඔවුන් ‘B’ කණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් හසලංක විසින්ද, බංග්ලාදේශ නායකත්වය ලින්ටන් දාස් විසින් ද දරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *