නේපාලයේ නව අගමැතිවරියට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්
නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් සුෂිලා කාර්කි මහත්මියට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.
“නේපාලයේ අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබඳව සුෂිලා කාර්කි මහත්මියට මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
ඇයගේ නායකත්වය නේපාලය කල් පවතින සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙත සුමටව නැවත පැමිණීමක් කරා මෙහෙයවනු ඇතැයි අපට විශ්වාසයි,” යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා X සටහනක් තබමින් සදහන් කර තිබේ.
නේපාලයේ හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි, සිකුරාදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේ ෂීටල් නිවාස්හිදී අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දුන් අතර, එම තනතුර දැරූ රටේ පළමු කාන්තාව බවට ද ඇය පත්විය.
සැප්තැම්බර් 8 වන දින අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය දැවැන්ත විරෝධතාවලින් පසුව ඇයගේ පත්වීම සිදුවිය. පෙළපාලි මෙහෙයවූ විරෝධතා නියෝජිතයින්ගේ දැඩි සහයෝගය ඇතිව කාර්කි ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස මතු විය

