උඩපන්දු 12ක් අත්හැර ඉන්දියාව හොංකොං වාර්තාව බිඳ දමයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් වැඩිම උඩපන්දු අත්හැර දැමීමේ වාර්තාවට හිමිකම් කියයි.
පෙරේදා බංග්ලාදේශයට එරෙහි සුපිරි හතර වටයේ තරගයේදී ඉන්දියාව ලකුණු 41ක ජයක් වාර්තා කළ ද උඩපන්දු 5ක් අතහැරීමත් සමඟ තරගාවලියේ උඩ පන්දු අත්හැරීම 12ක් දක්වා ඉහළ ගියා. හොංකොං කණ්ඩායම මේ තරගාවලියේදී උඩ පන්දු 11ක් අත්හැර තිබුණා.
මෙවර තරගාවලියේදී මෙතෙක් බංග්ලාදේශය අත්හැර දැමූ උඩපන්දු සංඛ්‍යාව 8ක් වන අතර, උඩ පන්දු අත්හැරීමේ ලැයිස්තුවේ සිවුවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අත්හැර දැමූ උඩපන්දු සංඛ්‍යාව 6කි. එය උඩ පන්දු අල්ලා ගැනීමේ කාර්යක්ෂමතාව අනුව සියයට 68.4ක් වේ.
ඇෆ්ගනිස්තානය උඩ පන්දු 4ක්, ඕමානය උඩ පන්දු 4ක්, පාකිස්තානය උඩ පන්දු 3ක් හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම උඩ පන්දු 2ක් අත්හැර දමා තිබෙනවා.
ආසියානු කුසලාන තරගාවලියේදී මෙතරම් උඩපන්දු ප්‍රමාණයක් මඟ හැරෙන්නේ ඇයි? මෙයට හේතුව ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගණවල විදුලි පහන් පද්ධතියේ දුර්වලතාවක් විය හැකි බවට මතයක් ද පැතිර යයි. මෙම විදුලි පහන්වලින් ලැබෙන ආලෝකය මත පන්දු රකින්නාට පන්දුව අල්ලා ගැනීම තරමක් අපහසුවන බව පැවසෙනවා.

