free web stats

දරු­වන්ට අසා­ධා­ර­ණ­යක් වන්නේ නම් දැනට තිබෙන නීති රීති ප්‍රමා­ණ­වත්

මෙරට දරු­වන්ට යම් අසා­ධා­ර­ණ­යක්, අග­ති­යක් වන්නේ නම්, ඊට එරෙ­හිව ක්‍රියා­ත්මක වීමට අලුත් නීති රීති පනත් ගෙන එන්නට පෙර අද තිබෙන නීති රීති ප්‍රමා­ණ­වත් බව ජාතික නිද­හස් පෙර­මුණේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විමල් වීර­වංශ මහතා පවසනවා.

ජාතික නිද­හස් පෙර­මුණේ බත්ත­ර­මුල්ල කාර්යා­ල­යේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් වීර­වංශ මහතා මේ බව කියා සිටි­යා.

දරු­ව­කුට මාන­සි­කව හෝ කායි­කව යම් හිංස­න­යක් වන්නේ නම්, ඒ ගැන පැමි­ණිලි කිරී­මට හොඳ “ඔම්බු­ඩ්ස්මන්” පද­වි­යක් දැන් තිබෙන නීතිය අනුව අධ්‍යා­පන කලාප කාර්යා­ල­ව­ලින් පවා පත් කළ හැකි බව ඔහු පැව­සූවා.

දරු­වන්ගේ මාන­සික පීඩ­නය හා මාන­සික අස­හ­නය ඇති වන්නේ ගුරු­ව­රුන් නිසා­වත් මවු­පි­යන් නිසා­වත් නොවන ඊට හේතුව ‘කට පාඩම් කිරීමේ සංස්කෘ­ති­යට අනුව ගොඩ­නැ­ඟුණු අධ්‍යා­පන ක්‍රමය නිසා බව පැවසූවා.

ඒ මහතා වැඩි­දු­ර­ටත් පැව­සූවේ,

“දරු­ව­කුට ඉහ­ළට යෑමට ‘සාම්ප්‍ර­දා­යික කලා, වාණිජ, විද්‍යා, ගණිත හා තාක්ෂණ’ විෂය ධාරා­වන්ට අම­ත­රව ‘හැකි­යාව’ හා ‘දක්ෂ­තාව“ උරගා බලන අධ්‍යා­පන ක්‍රම­වේ­ද­යක් අව­ශ්‍යයි.

අධ්‍යා­පන ක්ෂේත්‍රයේ එම වෙන­ස්කම් ඇති නොකර මේ ආකා­ර­යෙන් නීතිය හා අණ පනත් මඟින් ගුරු­ව­රුන්ගේ හා මවු­ව්පි­යන්ගේ අත් බැඳ දම­න්නට කට­යුතු කරයි නම්, කොණ්ඩ වවා­ගෙන, ටැටූ කොටා­ගෙන, කොට ඇඳුම් ඇඳ­ගෙන පාසල් එන දරු පර­පු­රක් අනා­ග­ත­යේදී බිහි වේවි.

මේ ප්‍රශ්න­යත් සමඟ අද සමා­ජයේ විශාල වශ­යෙන්, විශේ­ෂ­යෙන්ම මවු­පි­යන්ගේ, ඒ වගේම ගුරු මහත්ම මහ­ත්මීන්ගේ විශාල කැල­ඹී­මක් ඇති වෙලා තිබෙ­නවා. මේ රටේ පාසල් පද්ධ­තිය සහ දරු­වන්ගේ ආර­ක්ෂාව කොයි විදිහේ අභි­යෝ­ග­ය­කට, තර්ජ­න­ය­කට මුහුණ දෙන්න නිය­මිත ද කියන ප්‍රශ්නය ඔවුන් අතර සාක­ච්ඡා­වට ලක්වෙ­මින් තිබෙ­නවා.

අනිත් පැත්තෙන් අපි දන්නවා දරු­ව­කුට ‘අව­මන්’ කිරීම කියලා මේකේ දඬු­වම් ලැබෙන වර­දක් බවට පත්වෙ­නවා. හැබැයි ‘අව­මා­නය’ යන්නට පිළි­බඳ නිශ්චිත අර්ථ­ක­ථ­න­යක් නෑ. ‘ශාරී­රික නොවන ක්‍රියා’ කියලා මේකේ සඳ­හන් වෙනවා; මේ ශාරී­රික නොවන ක්‍රියා කියන්නේ මොනව ද කියලා මේකේ අර්ථ­ක­ථ­න­යක් නෑ. අනිත් එක මේක පාසල් පද්ධ­ති­යට බල­පාන්නේ නෑ, ගුරු­ව­රුන්ට බල­පාන්නේ නෑ, මවු­පි­යන්ට බල­පාන්නේ නෑ කියලා මේ පනතේ කොහෙ­වත් සඳ­හන් වෙන්නේත් නැහැ.

අපි කොහොම ද එහෙම කියන්නේ? දරු­ව­කුට කිසි­යම් ගුරු­ව­ර­යෙක් හරි කාගේ හරි අතින් මාන­සික හිංස­න­යක් වෙනවා නම්, විශේ­ෂ­යෙන්ම පාසල් පද්ධ­ති­යේදී, ඒකට පුළු­වන් කලාප අධ්‍යා­පන කාර්යා­ලය ඇතුළේ ඔම්බු­ඩ්ස්මන් කෙනෙක් දාන්න. විශ්‍රා­මික හොඳ විදු­හ­ල්ප­ති­ව­ර­යෙක් හෝ දෙතුන් දෙනෙක් තෝරලා ‘ඔම්බු­ඩ්ස්මන්’ කියලා පද­වි­යක් ඇති කරලා, කලාප අධ්‍යා­පන කාර්යා­ලයේ ඒ තන­තුරේ ඉන්න කෙනාට පැමි­ණිලි කරන්න, කියන්න පුළු­වන්.

එතුමා පරී­ක්ෂ­ණ­යක් කරලා, ගුරු­ව­රයා ඒකෙදි වැරදි නම්, ඊට අදා­ළව වැඩ තහ­නම් කරන්න පුළු­වන් මාස­යක් දෙකක්. ඒ විදි­හට කරන්න පුළු­වන්. නැතුව මේ ගුරු­ව­රු­න්වත්, මවු­පි­ය­න්වත් උසාවි ගෙනි­යන්න නෙවෙයි ඕනෑ. මේකෙන් වෙන්නේ හෙට දවසේ පාස­ලට නොගැ­ළ­පෙන විදි­හට කොණ්ඩේ පාට කර­ගෙන ආවත්, ටැටූ කොටා­ගෙන ආවත්, කනේ කරාබු දාගෙන ආවත් පිරිමි ළමයි, මොන විදිහේ අව­කල් ක්‍රියා­වක් කළත් ඒ සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වෙන්න ගුරු­ව­රුන්ට කිසිම හැකි­යා­වක් නැති වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *