free web stats

ලංකාවේ වය­ස්ග­තම පියා දකුණේන්

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලේ කර­න්දෙ­ණිය පදිංචි බොළඳ හකුරු මේනි­යල් මහතා බව ජාතික වැඩි­හිටි මහ­ලේ­කම් කාර්යා­ලය නිල වශ­යෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි මහතා පව­සනවා.

එතු­මාගේ නිජ භූමිය වන්නේ ගාල්ල දිස්ත්‍රි­ක්කයේ කර­න්දෙ­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 95A අගු­ළු­ගල්ල ග්‍රාම නිල­ධාරි වස­මයි.

පැරණි ජාතික හැඳු­නු­ම්ප­තට අනුව මේනි­යෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා ඇති අතර ඔහු දැන් අවු­රුදු 110ක් වය­සැති ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යෙකි.

ඔහු ලිවී­මට කිය­වී­මට හැකි­යාව ඇති, 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යා­ප­නය ලැබූ­වෙකි.

මෙම ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යාගේ නීරෝ­ගි­මත් දිවි­පෙ­වෙ­තට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂ­ණීය ආහාර රටා­ව­යි.
ගමේ ඕනෑම නි‍ව­සක, පිරි­ත­කට දාන­ය­කට මෙතුමා නැතු­වම බැරි අයෙක් බවත් ප්‍රදේ­ශ­වා­සීහු පව­සනවා.

ඔහු වයස අවු­රුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣා­ය­නා­වන්ට සහ­භාගි වුණු බව පව­සන ඒ මහතා පාන්ද­රින්ම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල සමඟ හරි හරි­යට සමීප වූ‍වෙක් බවයි පවුලේ සමී­ප­ත­ම­යින් සඳ­හන් කරන්නේ.

මේනි­යෙල් මහතා දරු­වන් නව දෙනෙක්ගේ පියෙක්ද වෙනවා.

වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැ­තිව නිරෝ­ගි­මත්ව සිය ජීවි­තය ගත කරන්න ඔහුට පුළු­වන් වෙලා තිබීම ව්ශේෂත්වයක්. සරල දිවි පෙවෙත එයට හේතු­ව ව්ය හැකි බවයි බොහෝදෙනා පවසන්නේ.

ජාතික වැඩි­හිටි මහ ලේකම් කාර්යා­ලයේ සිය­වස් දීම­නාවේ සාඩ­ම්බර හිමි­ක­රු­වෙක් වන මේනි­යෙල් මහ­තාගේ බිරිය මෙලො­වින් සමු ගත්තත් දරු මුනු­බු­රන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳි­මින් ඔහු සැපසේ ජීවත් වෙන බව සඳ­හක් කළ යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *