ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට අසාධාරණයක්
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන රජය පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද (01) මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බව ද සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එසේ නොකළ හොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීමක් බව පවසා සිටියා.

