free web stats

ප්‍රංශයේ දකුණු අප්‍රි­කානු තානා­ප­ති අබිර­හස් ලෙස මිය යයි

­ප්‍රංශයේ දකුණු අප්‍රි­කානු තානා­පති නෙති එම්තෙත්වා පැරිස් නුවර සුඛෝ­ප­භෝගී හෝට­ල­යක් අසල අබිර­හස් ලෙස මිය­ගොස් සිටි­යදී පොලී­සිය විසින් සොයා ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

58 හැවි­රිදි තානා­ප­ති­ව­රයා අතු­රු­දන් වූ බවට පසු­ගිය සඳුදා ඔහුගේ බිරිය පොලී­සි­යට පැමි­ණිලි කර ඇති අතර, තානා­ප­ති­ව­ර­යාගේ මළ­ සි­රුර ඔහු නවා­තැන් ගෙන සිටි පැරිස් නුවර හයාට් රිජන්සි හෝට­ලය අස­ළදී පොලිස් නිල­ධා­රීන් සොයා ගනු ලැබුවේ ඊට පසු­දින බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා එම හෝට­ලයේ 22 වැනි මහලේ පිහිටි කාම­ර­යක නවා­තැන් ගෙන සිටි බවත්, එම කාම­රයේ ආර­ක්ෂිත කවුළු විවෘත කර තිබූ බවත් පොලී­සිය ප්‍රකාශ කර තිබෙනවා.

තානා­ප­ති­ව­ර­යාගේ මර­ණ­යට හේතුව මෙතෙක් අනා­ව­ර­ණය වී නැති අතර, එය සිය දිවි හානි කර­ගැ­නී­මක් විය හැකි බව අනු­මාන කර තිබේ. ඔහුගේ මර­ණය පිළි­බඳ පැරිස් නුවර පොලී­සිය වැඩි­දුර විම­ර්ශන සිදු කරන බව ද වාර්තා වේ. දකුණු අප්‍රි­කානු ජාතික කොන්ග්‍ර­සයේ ප්‍රබල සාමා­ජි­ක­යකු වන නෙති එම්තෙත්වා මීට පෙර දකුණු අප්‍රි­කානු රජයේ කලා සහ සංස්කෘ­තික කට­යුතු ඇමැ­ති­ව­රයා ලෙසත්, පොලී­සිය භාර ඇමැ­ති­ව­රයා ලෙසත් කට­යුතු කර ඇති අතර, ප්‍රංශයේ දකුණු අප්‍රි­කානු තානා­ප­ති­ව­රයා ලෙස පත්වී ඇත්තේ 2023 වසරේ දෙසැ­ම්බර් මාස­යේදී බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *