free web stats

යොවුන් ක්‍රිකට් ක්‍රිඩක ඉන්දියාවේ සූර්යවංශි ගෙන් වාර්තාවක්

වයස 19න් පහළ ටෙස්ට් තරග බිමේ පන්දු 100කට අඩුවෙන් ශතක 2ක් රැස්කළ ලොව පළමු පිතිකරුවා ලෙස සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට ඉන්දියාවේ වයිබව් සූර්යවංශි ඊයේ (1) සමත් විය.

තවමත් අවුරුදු 14ක් පමණක් වන සූර්යවංශි ඔස්ට්‍රේලියානු වයස 19න් පහළ කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බෙන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී මෙම සුවිශේෂී කඩඉම පසුකර ගියා.

මෙම තරගයේ ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් සූර්යවංශි පන්දු 86කින් ලකුණු 113ක් රැස්කළ අතර, එම ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

මෙහිදී ඔහුට ශතක කඩඉම පසුකිරීමට අවශ්‍ය වූයේ පන්දු 78ක් පමණයි.

යොවුන් ක්‍රිකට් වාර්තා අතර පන්දු 100ට අඩුවෙන් ශතකයක් රැස්කර පළමු පිතිකරුවා නවසීලන්ත හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *