මැති ඇමැතිවරුන් දිව්‍යලෝක සැප විඳිනකොට ජනතාව අපා දුක් විඳිනවා
“වත්මන් රජයේ මැති ඇමැතිවරුන් දිව්‍යලෝක සැප විඳිනකොට ජනතාව අපායේ දුක් විඳිනවා” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව, නබඩවැව ග්‍රාමයේ නබඩවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පෙරේදා දින(04) පැවති ගමින් “ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවා” වැඩසටහන සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා එක්වෙමින්.
එහිදී ව්පක්ෂ නායකතුමා වැඩ්දුරටත් පැවසුවේ.
“පසුගිය ජනාධිපතිවරණයේ, මහමැතිවරණයේ මෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී රටේ ජනතාවට වත්මන් රජය දිව්‍යලෝකයක් මවාපෑවත් දැන් ඒ මවාපෑ දිව්‍යලෝකය යථාර්ථයක් කිරීම රජයේ වගකීමයි. මේ දිව්‍යලෝක සැප මන්ත්‍රීවරුන්ට පාලකයන්ට පමණක් සීමා නොවිය යුතු වුවත් වත්මන් රජයේ මැති ඇමැතිවරුන් නම් දිව්‍යලෝකය සාදාගෙන තිබෙනවා.
සමහර ප්‍රදේශවල කිලෝ මීටර් ගණන් පාරවල් වහින කාලයේ හදනවා. වහින කාලයේ හදන පාරවල් ඉක්මනින් කැඩී යනවා. පාරවත් හැදිය යුත්තේ වසරින් වසර අලුත්වැඩියා කිරීමට නොව, කාලයක් පුරා ජනතාවට භාවිත කිරීමටයි. මේ රජය සිදු කරන්නේ මහා ඇස්බැන්දුමක් සහ රැවටිල්ලක්.
33%කින් අඩු කරනවා කියූ විදුලි බිල වැඩි කරන්න යනවා. රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරනවා කියූ නිසා පෝලිමට ගිහින් රාජ්‍ය සේවකයන් කතිර ගැසුවත් අද සමහර රාජ්‍ය ආයතනයන් ඈවර කර රාජ්‍ය සේවකයා ගෙදර යවනවා.
කුඩු ව්‍යාපාරවලට විරුද්ධව, කුඩුකාරයන්ට විරුද්ධව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු වන නමුත් රතු ලේබල් ගැසූ කන්ටේනර් 323ක් එළියට ආව හැටි කවුරුත් නොකියන්නේ ඇයි? මේවා ගැන කවුරුත් විභාග කරන්නේ නැහැ. දැන් හමුවන කුඩු, අයිස් කන්ටේනර් රතු ලේබල් ගැසූ ඒවා ද කියා ගැටලුවක් තිබෙනවා.

