අපට කවුරු මඩ ගැහුවත් ජනතාව ඇත්ත දන්නවා
පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ ජනාධිපති කොමිසමක් පත්කොට මෙරටට හිමි වූ අමෙරිකානු ආධාර මුදල් ගත් අය සම්බන්ධ සියලු තොරතුරු හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද පැවසූවා.
“එම මුදල් ගත්තේ කවුද? කාගෙන්ද ගත්තේ? කාටද දුන්නේ? යන සියලු තොරතුරු අනාවරණය කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. ඒත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අධ්‍යාපනයට දෙන මුදල් ප්‍රමාණය අඩු කර තිබෙනවා. රටේ අනාගතය ශක්තිමත් කරන්න නම් අධ්‍යාපනය වැනි ක්ෂේත්රවලට වැඩි මුදලක් වෙන් කරන්න ඕනෙ. එය කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. අරගලය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙනවා. අපි ඒ ගැන පාර්ලිමේන්තුවෙන් සිලෙක් කමිටුවක් ඉල්ලුවා. අද වෙනකම් ඒ ගැන උත්තරයක් දී නෑ. අපේ ආණ්ඩුවක් යටතේ ඒ සියල්ල හොයනවා. අපි කියන්නේ විරුද්ධ පක්ෂයට මඩ ගහන එක නතර කර රටට වැඩක් කරන්න කියලා. අපට කවුරු මඩ ගැහුවත් ජනතාව ඇත්ත දන්නවා. ඒ නිසා දවසින් දවස ජනතාව අපි එක්ක එක් වෙමින් ඉන්නවා.”

