“කැලොප්සියා” රූගතකිරීම් අවසන්
ශ්‍රී ලාංකීය නවපරම්පරාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස විශිෂ්ට අත්දැකීම් ගොඩනගා ගෙන යන ධනුෂ්ක කුමාරතුංගගේ නවතම කෙටි චිත්‍රපට වන “Kalopsia – කැලොප්සියා” චිත්‍රපටයේ සියළු රූගතකිරීම් මේ වන විට නිමාකර තිබෙනවා.
මෙය ඔහුගේ දෙවැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර, Canton Cinema නිෂ්පාදනයකි.
“Kalopsia – කැලොප්සියා” තුළින් වර්තමාන සමාජය තුළ තාරුණ්‍යය දරණ සමාජීය, ආර්ථික සහ දේශපාලන බලපෑම් අවධාරණය වන අතර, නාගරික හා ග්‍රාමීය සමාජය අතර පවතින විශමතාවයන්ටද ගැඹුරු අර්ථ දැක්වීමක් ලබා දෙනවා.
කතාවේ දී ස්ත්‍රී-පුරුෂ මනෝභාවයන්, ආදරය, සෙනෙහස, ලිංගිකත්වය, නිදහස සහ පුද්ගලානුබද්ධ හැසිරීම් පිළිබඳ විවරණයන් ගොඩනැගී, තාරුණ්‍යයේ ආදර කතාවක් මූලික කරගෙන සිදුකළ නිර්මාණයකි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නිපුනි ජයසිංහ, හේෂාන් මල්ලව සහ මධුශංක නුවන්වේ.
අධ්‍යක්ෂණය සහ පිටපත – ධනුෂ්ක කුමාරතුංග, සහය අධ්‍යක්ෂණය – රෝෂන ද සිල්වා, සංස්කරණය – සිසිල් මධුරංග, කැමරාකරණය – අසංග අඹගස්පිටිය, වේශ නිරූපණය – මධුශංක නුවන්, සංගීත අධ්‍යක්ෂණය – මලිත විරාජ් යන අයගේ නිර්මාණ දායකත්වය ලබාදී තිබෙනවා.
ඉදිරියේදී දේශීය සහ ජාත්‍යන්තර තරඟාවලියන් වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන “Kalopsia – කැලොප්සියා” කෙටි චිත්‍රපටය, ශ්‍රී ලාංකීය නව පරම්පරාවගේ චිත්‍රපට අත්දැකීම් වලට අලුත් දැක්මක් ගෙන එනු ඇත.





