free web stats

බ්‍රසීල සහ අමෙරිකානු ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදය සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේය, දෙරටේ නායකයින් අතර ඉතා මිත්‍රශීලීව මිනිත්තු 30ක පමණ කාලයක් දුරකථන සංවාදය සිදුව ඇති බවයි.

මෙහිදී තම රටේ නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සහ නිලධාරීන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්වේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබෙනවා.

ඉදිරියේ දි දෙරටේ නායකයික් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට ද මෙම දුරකථන සංවාදයේදි එකඟතාව පළවී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *