සියලු ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි
මෙරට පිහිටි සියලු විද්‍යා පීඨ, තුළින් උපාධිධාරීන් බිහි කරන ආයතන බවට පත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
රට පුරා විද්‍යාපීඨ 20 ක් ස්ථාපිත බවත් කුලියාපිටිය විද්‍යාපීඨය මඟින් දැනටමත් උපාධි පිරිනමන බවද අගමැතිවරිය පැවසුවා.
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ මහතා අගමැතිවරියගෙන් ප්‍රශ්න ඇසීම් වාරයේදී වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කියා සිටියා.
අනාගත දරු පරපුර භාර ගැනීමට සිටින මෙම විද්‍යාපීඨ ගුරුවරුන්ට උපාධි පිරිනැමීමේදී එක්වරම සිදු කළ නොහැකි බවත් ඉතාම ක්‍රමානුකූලව විද්‍යාපීඨ මඟින් උපාධි පිරිනැමීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බවත් අගමැතිවරිය එහිදී ප්‍රකාශ කළා.
ගුණාත්මක බව තහවුරු කරන උපාධියක් විද්‍යාපීඨ මඟින් ලබාදීම සඳහා රජය පියවර ගන්නා බවත් කාලයට ගැළපෙන ගුරුවරයකු නිර්මාණය කළ හැකි ආකාරයට විද්‍යාපීඨ පද්ධතිය වෙනස් කරන බවත් අගමැතිවරිය වැඩ් දුරටත් කියා සිටිය.
විද්‍යාපීඨයන්හි විෂය මාලාව ඇතුළු කිසිදු දෙයක් කාලයක් තිස්සේ වෙනස් වී නොමැති බවත් මේ වසර තුළ විෂය මාලාව සමාලෝචනය කර යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන අයුරින් විෂයමාලාව සංශෝධනය කරන බවත් අගමැතිවරිය පැවසුවා.
සියලු ගුරුවරුන් උපාධිධාරීන් විය යුතු බව රජයේ ප්‍රතිපත්තිය යැයි ද අගමැතිවරිය ප්‍රකාශ කළා.

