free web stats

සියලු දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (10) දින මාධ්‍යයට ප්‍රකාශයක් සිදු කළා.

“අද දවසේ මාධ්‍ය හරහා විවිධ දේශපාලන කරුණු ඉදිරිපත් වෙමින් තිබෙනවා. නමුත් පසුගිය මාස හතරක, පහක කාලය තුළ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි කියන මතය ශ්‍රී ලංකාවේ සමස්ථ මහජනතාව තුළින් මතු වුණා.
එවැනි ප්‍රකාශයකට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂය ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. එය ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් විදිහටයි අපි දකින්නේ. ඒ ප්‍රතිචාරයේ හැටියට අපිට එම තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට වාර්තා කළාට පසු අපේ පක්ෂයේ කළමණාකාරීත්ව කමිටුවත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ පිළිබඳ අපේ අදහස ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා.
කොහොම නමුත් අපේ අදහස ඇත්තටම ප්‍රකාශ වී අවසානයි. එහි අවසානය තමයි සියලු දේශපාලන පක්ෂ එකට එකතු විය යුතුයි කියන කාරණය. ඒ සඳහා තමයි අපේ පක්ෂයේ සංවත්සරයේ තේමාව සකස් කර තිබුණෙත්.
ඒ වගේම ලබන මාසයේ නුගේගොඩදී පැවැත්වෙන විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී කරන දැවැන්ත රැළියේදීත් සියලු පක්ෂ එකට එකතු වි ක්‍රියාකිරීම තමයි එක්සත් ජාතික පක්ෂයේ අභිප්‍රාය වී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *