free web stats

චීනය සහ ඉන්දියාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

චීනය සහ ඉන්දියාව අතර සෘජු ගුවන් ගමන් නැවත ඇරඹීම,බිලියන 2.8 කට අධික දෙරටේ ජනතාව අතර මිත්‍රශීලී හුවමාරු පහසු කිරීම සඳහා ධනාත්මක පියවරක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun පවසනවා.

දෙර‍ට අතර සෘජු ගුවන් ගමන් සේවා යළි අරඹන බවට වන ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශය පිළිබඳව 9 වෙනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී, වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසූවා.

මෙම වසරේ ඔක්තෝබර් අවසානයට පෙර චීනය සහ ඉන්දියාව සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇත. අගෝස්තු මාසයේ 31 වැනිදා චීනයේ Tianjin හි පැවති හමුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය දෙපාර්ශ්වයම උනන්දුවෙන් ක්‍රියාත්මක කිරීමේ නවතම ප්‍රකාශනය මෙය බව Guo Jiakun පැවසූවා.

චීන-ඉන්දීය සබඳතා උපායමාර්ගික හා දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් බැලීමට සහ හැසිරවීමට මෙන්ම ආසියාවේ සහ ලෝකයේ සාමය හා සමෘද්ධිය පවත්වා ගැනීම සඳහා දායකත්වයක් ලබා දීමට ද චීනය ඉන්දියාව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *