free web stats

බොලිවුඩයේ දැවැන්තම සම්මාන රාත්‍රියේ හොඳම නිලිය වූ ආලියා බාත්

බොලිවුඩයේ දැවැන්තම සිනමා සම්මාන උළෙල ලෙස සැලකෙන ‘Filmfare Awards’ අති උත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේ අහමදාබාද් හිදී පැවැත්වුණා.

70 වන වරට පැවති මෙවර සම්මාන උළෙල සඳහා බොලිවුඩ් සුපිරි නළු නිළියන්, චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහිදී 2025 වසරේ හොඳම චිත්‍රපටය ලෙස ‘Laapataa Ladies’ සිනමා පටයසම්මානයට පාත්‍ර වූ අතර එය අධ්‍යක්ෂණය කළ කිරන් රාඕ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මානය හිමිකරගනු ලැබුවා.

‘I Want To Talk’ සිනමා පටයේ රංගනය වෙනුවෙන් අභිෂේක් බච්චන් සහ ‘Chandu Champion’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් හොඳම නළුවාට හිමි සම සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය.

2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය, ‘Jigra’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ආලියා බාත් හිමිකරගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *