free web stats

සුව සැරිය කියන්නේ හර්ෂගේ භූදලයක් නෙමෙයි

1990 සුවසැරිය ගිලන් රථ සේවයේ වර්ණය, නාමය හෝ අංකය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටලුවක් නොමැති බවත්, තමාගේ අරමුණ මෙම ගිලන් රථ සේවාව තවත් දියුණු කිරීම පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව පැවසූවා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූවේ,

“සුව සැරිය කියන්නේ හර්ෂගේ භූදලයක් නොවන බව මම හොඳට දන්නවා, රටේ මිනිස්සුත් දන්නවා, ඒක කවුරුත් දන්නවා. ඒක බොහොම අමාරුවෙන් හදපු දෙයක්. මම ම්ව්ච්චර කල් කිව්වෙත් නෑ නමුත් කියන්නම් මේ ප්‍රශ්නය අහපු නිසා. ටාටා එකේ සභාපති ලංකාවට ආවාහම ඔහු අපිත් එක්ක සාකච්ජා කළා. ඔහු මගෙන් පුද්ගලිකවම ඇහුවා ටාටා එකට තව මොනවද කරන්න පුලුවන් කියලා. එතකොට මම නටරාජන් චන්ද්‍රසේකරන් මහත්තයට අපි කෙලින්ම කිව්වා අපිට පුලුවන් නම් තව ඇම්බියුලන්ස් 100ක් දෙන්න කියලා. මම දන්න දෙයක් තමයි ඉන්දියන් රජයත් ටාටා කොම්පැනියත් අතර තව 150ක් විතර ගිලන් රථ ලැබෙනවා. ඉතින් හොදයි. අතිශයින්ම හොදයි…

ඉතින් 1990 සුව සැරිය කියන්නේ බ්‍රෑන්ඩ් එකක්නේ. මේ බ්‍රෑන්ඩ් එක හදන්න මෙතන හිටපු කට්ටිය දන්නවා කොච්චර අමාරු වුණාද කියලා. ඉතින් මම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදන්න කල් යනවා මුදල් වියදම් වෙනවා. ඉතින් මේ හදපු බ්‍රෑන්ඩ් එකේ අවුලක් නෑ. අනිත් එක මම අහගෙන සමහරු කියනවා මේක ජාත්‍යන්තරයේ පිළිගත්ත පාටක් තියෙනවා කියලා. දැන් යන්න chatgpt එකට. එහෙම නැත්තම් AI එකකට ගිහිල්ලා අහන්න ඕන කෙනෙක්ට අද පුලුවන් ඕන දරුවෙක්ට පුලුවන් pre hospital එහෙම නැත්තම් emergency care ambulance වලට ලෝකේ පිළිගත්ත පාටක් තියෙනවද කියලා. එහෙම පාටක් නෑ. ඕක පාට මාරු කළාට කිසි ප්‍රශ්නයක් නෑ. නොම්බරේ මාරු කළාට කිසි ප්‍රශ්නයක් නෑ, නම මාරු කළාට ප්‍රශ්නයක් නෑ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සේවාව තවදුරටත් දියුණු කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *