සුප්‍රකට ක්‍රිප්ටෝ ධනවතා අභිරහස් ලෙස ම්යයයි
ලෝක ක්‍රිප්ටෝ ප්‍රජාවම කම්පාවට පත් කරමින්, විශාල ධනවතෙක් සහ බ්ලොග්කරුවෙක් වන කොන්ස්ටන්ටින් ගානිච් (Konstantin Ganich), ඔහුට අයත් සුඛෝපභෝගී රථයේ මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
ඔහු අන්තර්ජාලයේ වඩාත් ප්‍රසිද්ධ වෙලා හිටියේ ‘කූඩෝ’ (Kudo) කියන නමින්. 32 හැවිරිදි වියේ පසුවූ ඔහු, යුක්රේනයේ කියෙව් නගරයේදීයි මේ විදිහට අභිරහස් ලෙස මිය ගොස් තිබුණා.
පොලීසිය තහවුරු කළේ, Cryptology Key ඇකඩමියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ ප්‍රසිද්ධ වෙළෙන්දෙක් වන කූඩෝ, හිසට වෙඩි වැදීමකින් මිය ගොස් සිටි බවයි. ඔහුගේ සිරුර අසල බලපත්‍රලාභී ගිනි අවියක්ද තිබී සොයාගෙන තිබෙනවා.
ඔහුගේ නිල ටෙලිග්‍රෑම් නාලිකාව හරහා මේ ආරංචිය පසුව තහවුරු කර තිබුණා.
“කොන්ස්ටන්ටින් කූඩෝ ඛේදජනක ලෙස අභාවප්‍රාප්ත විය. හේතු විමර්ශනය කෙරේ.” යනුවෙන්.
මේ ඛේදවාචකයට දවසකට කලින් කොන්ස්ටන්ටින් තමන්ගේ පවුලේ අයට කියලා තියෙන්නේ, මුදල් අමාරුකම් නිසා තමන් දැඩි මානසික පීඩනයකින් ඉන්න බවයි. ඒ වගේම, ඔහු එවා තිබූ පණිවුඩය සමුගැනීමේ පණිවුඩයක් වගේ පෙනී ගිහින් තිබෙනවා.
මේ නිසා පොලීසිය මේ ගැන ‘සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයක්’ ලෙස අපරාධ පරීක්ෂණයක් පටන් අරගෙන තිබෙනවා. ඒ වගේම, වැඩිදුර පරීක්ෂණ අවසන් වන තුරු ‘සියදිවි නසාගැනීමක්’ විය හැකි බවට අමතර සටහනක්ද යොදා තිබෙනවා.
මේ අභිරහසට තව දෙයක් එකතු වෙනවා: ‘190 Project’ විසින් කරන ලද ස්වාධීන පරීක්ෂණයකින් චෝදනා කරලා තිබුණේ, කූඩෝගේ ව්‍යාපාරික සහකරු වන ඇන්ඩ්‍රි ඩේනෙකෝ (Andriy Deyneko), ඔවුන්ගේ බ්ලොක්චේන් ගේමිං ව්‍යාපෘතියකින් ආයෝජකයන්ගේ ඩොලර් මිලියන 2ක් සොරකම් කර ඇති බවයි.
මේ ඛේදවාචකය සිදුවන්නේම, ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදු වූ වෙලාවක වීමත් විශේෂයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ සඳහා 100%ක තීරුබදු සහ මෘදුකාංග අපනයන සීමා කිරීම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ වාර්තාගත පාඩු සිදුවුණා.
ක්‍රිප්ටෝ ලෝකයේ බොහෝ දෙනෙකුට, කූඩෝගේ මරණය කියන්නේ දැඩි වෙළඳපොළ අස්ථාවරත්වය නිසා ඇතිවන මානසික හා මූල්‍ය පීඩනය පිළිබඳ කටුක සිහි කැඳවීමක් ද වෙනවා.

