free web stats

හිරේ දැම්මට මිනිස්­සුන්ගේ බඩ පිරෙන්නේ නෑ

ජනතා ආර්ථි­කය සුව­පත් කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළක් සර්ව­ජන බලය ආණ්ඩු­ව­කින් ගෙන එන බව සර්ව­ජන බලය සභා­පති, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රොෂාන් රණ­සිංහ මහතා පවසනවා.

සභා­ප­ති­ව­රයා මේ බව පැව­සුවේ මැදි­රි­ගි­රිය ආස­නයේ, අල්හි­ලා­ල්පුර කොට්ඨා­සයේ සර්ව­ජන සභාව පිහි­ටු­වීමේ අව­ස්ථා­වට එක් වෙමින්.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ සභා­ප­ති­ව­රයා මෙලෙස පැවසූවා.

“ආණ්ඩු­වට වස­රක් ගෙවී අව­සන්. ආණ්ඩු­වක් ගත්තාම, එම ආණ්ඩුව සාර්ථක ලෙස අවු­රුදු පහ ගෙන යන්න නම් බලය ගත් පළමු වැනි දව­සේම දැනෙන වැඩ කොට­ස­කින් පටන් ගන්න ඕනෙ. එහෙම කිසිදු දැනෙන වැඩ­පි­ළි­වෙ­ළක් මේ ආණ්ඩු­වෙන් අපට පේන්න නෑ. අද මිනිස්සු කබ­ලෙන් ළිපට වැටිලා ඉන්නේ. වැරැ­ද්දක් කළ මිනි­හෙක් ඉන්නවා නම් හිරේ දැම්මට කමක් නෑ. හැබැයි එහෙම හිරේ දැම්මට මිනි­සුන්ට ඒකෙන් කන්න බෑ. බඩ පිරෙන්නේ නෑ. ප්‍රශ්න විස­ඳෙන්නේ නෑ. උද්ධ­ම­නය වැඩි වෙලා. ආර්ථික වේගය අඩු වෙලා. ඔබට මිලදී ගැනීමේ හැකි­යාව කොතැ­නද තිබෙන්නේ කියලා හිතා බලන්න. මිලදී ගැනීමේ හැකි­යාව දුර්වල වෙන­වයි කියන්නේ රටක් කඩා වැටෙ­නවා. මේ ආණ්ඩු­වට ඒ වෙනු­වෙන් වැඩ­පි­ළි­වෙ­ළක් තියෙ­නවා නම් අපි කුහක නැතුව ඒකත් කිය­නවා. අපි ප්‍රාර්ථනා කරන්නේ ඉතිරි අවු­රුදු හත­රෙ­වත් වැඩක් කරන්න ලැබෙන්න කියලා. එහෙම නැතුව මැති­ව­ර­ණ­ය­කට ගියාම ආණ්ඩුව ජන­තා­වට මොන­වද කියන්නේ. ගමට ගිහින් කියන්න වෙන්නේ අපි අරයා හිරේ දැම්මා, මෙයා හිරේ දැම්මා කියන එක විත­රයි. මේ රට ගැල­වු­ම­කට ගේන්න පුළු­වන් නිෂ්පා­දන ආර්ථි­ක­ය­කින් පම­ණයි. අපි දකින්නේ නෑ ඒ සඳහා කිසිම කර්මා­න්ත­යක් ඇති වෙනවා. පසු­ගිය ආණ්ඩු ඒ ඒ කාලෙට ඔවුන්ගේ පැවැ­ත්මට විවිධ දේ ගේනවා. ජන­ස­විය දුන්නා. සමෘ­ද්ධිය දුන්නා. දැන් අස්වැ­සුම දෙනවා. මේ එක­කි­න්වත් ජන­තාව ආර්ථික වශ­යෙන් එගොඩ කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නෑ. හැම­දාම හිඟන්නෝ කරන වැඩ­පි­ළි­වෙළ පම­ණයි තිබිලා තිබෙන්නේ. මේක වෙනස් කර ආර්ථි­කය ගොඩ ගත හැකි නිෂ්පා­දන ආර්ථි­ක­යක් හැදිය යුතුයි. ව්‍යව­සා­ය­ක­ත්වය මත පම­ණයි රට සමෘ­ද්ධිය කරා ගෙන යන්න පුළු­වන්. ඔබේ ආර්ථි­කය සුව­පත් කළ හැකි වැඩ­පි­ළි­වෙ­ළක් සර්ව­ජන බලය ආණ්ඩු­වක් තුළ ගේනවා. ස්ථිර වශ­යෙන් ආණ්ඩු­වක් හද­නවා. ඒ සඳහා අවශ්‍ය වැඩ­පි­ළි­වෙළ අප සතුව තිබෙ­නවා. ඒ සඳහා ඔබේ සහ­යෝ­ගය දෙන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *