හමුදාව අතට පාලනය පත්වූ මැඩගස්කර් රාජ්‍ය
මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහ කර එරට පාලන බලය හමුදාව යටතට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සති කිහිපයක් පුරා පැවති තරුණ විරෝධතා හේතුවෙන් එරට හමුදාව විසින් ජනාධිපති රාජොයිලිනා ඊයේ බලයෙන් පහ කර තිබේ. ඔහු, මේ වන විට ජනාධිපති මන්දිරයෙන් පිටත ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බව වාර්තා වෙනවා.
හමුදා ප්‍රධානි කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරිනා එරට බලය තහවුරු කර ඇති අතර, ඔහු ප්‍රකාශ කරන්නේ, වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.
තරුණ විරෝධතාකරුවන්ගේද සහයෙන් එරට පාලනය ගෙන යන බවද හමුදා ප්‍රධානියා පවසා ඇත.
විරැකියාව, විදුලි ඇණහිටීම, උද්ධමනය යන කරුණු රැසක් මූලික කර ගනිමින් සති ගණනාවක් පුරා එරට තරුණ විරෝධතා පැවැත්වුණා.

