ඩකා ගුවන්තොටුපොළේ ගින්නක්
බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එහි සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ බංග්ලාදේශ ගුවන් හමුදා ගිනි නිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇත.

