යුරෝ ෆෝමියුලා මෝටර් රථ යෙවාන් ඩේවිඩ්ට දෙවැනි ස්ථානය
2025 යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ශූරතාවලියේ ආධුනික අංශයේ ශූරතාව හා සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් එම ශූරතා දෙකම ලබාගත් පළමු ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවකයා බවට පත්වූවා.
අදියර 8කින් සමන්විත යුරෝ ෆෝමියුලා විවෘත ශූරතාවලිය ඉතාලියේ මොන්සා ධාවන පථයේ පැවත්විය.
ධනාත්මක පෞරුෂයෙන් පිරුණු යෙවාන් ඩේවිඩ් පැවැසුවේ අවසාන ප්රතිඵලය අපේක්ෂිත එකක් නොවුණත්, ශූරතාවලිය හොඳින් අවසන් කිරීමට ලැබීම රටට ගෞරවයක් වූ බවයි.
දහඅට හැවිරිදි ශ්‍රී ලාංකික මෝටර් රථ ධාවකයා ලබන වසරේ පැවැත්වෙන FIA ෆෝමියුලා 3 ශූරතාවලියට සහභාගි වන පළමු ශ්‍රී ලාංකික ධාවකයා බවට පත්වනු ඇත.

