චමරි අතපත්තු එක්දින ලකුණු 4000 සම්පූර්ණ කරයි
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මුහුණ දුන් බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 4000 සම්පූර්ණ කළා.
එමෙන්ම එක්දින තරග 58කට ක්‍රීඩා කොට වසර 11ක් තිස්සේ ලබා ගැනීමට නොහැකිවූ තම කුලුඳුල් අර්ධ ශතකය වාර්තා පොතට සටහන් කිරීමට හසිනි පෙරේරා සමත් වූවා.
ඉන්දියාවේ නවී මුම්බායි පටීල් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී ඕවර 48.4කදී සියලු දෙනා දැවී ලකුණු 202ක් ලබා බංග්ලාදේශයට ඕවරයකදී ලැබිය යුතු දළ ලකුණු වේගය වූ 4.15ක ඉලක්කයක් ලබා දුන්නා.
චමරි අතපත්තු ලකුණු 46කට දැවීගිය අතර, ඇය එක්දින තරග 120කදී ලකුණු 4045ක් වාර්තා කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභිනියද ඇය වීම විශේෂත්වයකි.
විශ්මි ගුණරත්න පළමු පන්දුවේදීම දැවීයෑමත් සමඟ පිටියට පිවිසි හසිනි පෙරේරා හයේ පහරකින් තම එක්දින ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූවා.
වසර 2014දී එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි හසිනි පෙරේරා තරග 58කදී මෙතෙක් ලබා සිටි වැඩිම ලකුණු ගණන වුයේ 46කි. අනගි ඉනිමක් ක්‍රීඩා කළ හසිනි පන්දු 99කදී හයේ පහරක් හා හතරේ පහර 13ක් සමඟ ලකුණු 85ක් ලබා ගැනීමට සමත් වූවා.

