free web stats

මත්ද්‍රව්‍ය තුරන් කිරී­මට තැබූ පිය­වර ආප­ස්සට ගන්නේ නෑ

මෙර­ටින් මත්ද්‍රව්‍ය තුරන් කිරී­මට රජය තැබූ පිය­වර කිසි ලෙස­කි­න්වත් ආප­ස්සට නොගන්නා බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ මහතා පාර්ලි­මේ­න්තුවේ දී ඊයේ (23) පැව­සූවා.

මත්ද්‍ර­ව්‍ය­යෙන් පිරුණු මේ රට දෙස අහක බලන් සිටී­මට වත්මන් ආණ්ඩුව සූදා­නම් නැති බවත් රටේම ජන­තාව ආණ්ඩුව සමඟ අත්වැල් බැඳ­ගෙන මත්ද්‍ර­ව්‍ය­යෙන් තොර රටක් කිරී­මට එක් විය යුතු බවත් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා පැව­සූවා.

මත්ද්‍රව්‍ය සහ සංවි­ධා­නා­ත්මක අප­රාධ තුරන් කිරීම සහ නීති­මය රාමුව ශක්ති­මත් කිරීම සඳහා වූ ජාතික වැඩ­ස­ට­හන පිළි­බඳ කල් තැබීමේ විවා­ද­යට එක්වෙ­මින් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යා.

නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා වැඩ් දුරටත් පැවසූවේ.

පසු­ගිය දශක හත­ර­කට වැඩි කාල­ය­කදී 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථි­ක­යත් සමඟ රට අශි­ෂ්ට­ත්වය කරා ගමන් කර­මින් තිබුණා. අනුර සහෝ­ද­රයා ජනා­ධි­ප­ති­ව­රයා වීමෙන් පසුව මේ වන විට මේ සමා­ජය ශිෂ්ට­ත්වය කරා මෙහෙ­ය­ව­මින් තිබෙ­නවා. මිනිස් ජීවිත දෙස සන්සුන්ව බල­මින් අපි සිටි­නවා.

ආර්ජ­න්ටි­නාව, පාකි­ස්තා­නය වගේ රට­ව­ලින් මෙර­ටට මත්ද්‍රව්‍ය ආවා. නමුත් පසු­ගිය කාලය වන විට මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පා­ද­නය කරන තැනක් බවට පත්වෙලා. විශේ­ෂ­යෙන්ම හම්බ­න්තොට නිෂ්පා­දන කර­නවා. මොන අප­රා­ධ­ක­රු­වන් සිටි­යත් ඔවුන් මර්ද­න­යට ගත් ඉදිරි පිය­වර අපි නැවත පසු­ප­සට ගන්නේ නැහැ. එය අපි ජන­තා­වට සහ­තික කර­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *