free web stats

ළහිරු අචින්තගෙන් වාර්තා ගත රන් පදක්කමක්

බහරේනයේ පැවැත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඊයේ (23) පැවති පිරිමි මීටර 1500 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ළහිරු අචින්ත සමත් වූවා.

තරගය අවසන්කිරීම සඳහා ඔහු විනාඩි 3.57.42ක කාලයක් ගත කළා.

මෙහි රිදී පදක්කම විනාඩි 3.58.73කින් තරගය අවසන්කළ චීන ක්‍රීඩකයෙකු දිනාගත් අතර, ලෝකඩ පදක්කම හොංකොං දේශයේ ක්‍රීඩකයෙකු දිනාගත්තා.

ඔහු විනාඩි 4.05.09කින් තරගය අවසන් කළා.

ළහිරු ඊයේ දිනාගත් මෙම පදක්කම ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු දිනාගත් පළමු රන් පදක්කම ලෙස වාර්තා අතරට එක්වූවා.

මෙම පදක්කමත් සමග මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව දිනූ පදක්කම් සංඛ්‍යාව 02ක් දක්වා ඉහළ ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *