නිරූපිකාවක් තායිලන්තයේදී අතුරුදන්
මෝස්තර නිරූපන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා මීට දින 45කට පමණ පෙර තායිලන්තයට පැමිණි බෙලරුසියානු මෝස්තර නිරූපිකාවක අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
26 හැවිරිදි වේරා ක්‍රව්ට්සෝවා නමැති මේ සුරූපී තරුණිය බැංකොක් ගුවන්තොටුපොළේදී යම්කිසි පිරිසක් විසින් මියන්මාර සයිබර් වහල් කඳවුරකට පැහැරගෙන ගොස් වකුගඩු ඇතුළු ශරීර අවයව ගැනීම සඳහා ඝාතනය කළ බවට වාර්තා පළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කෙසේ වුවත් ඇගේ ඝාතනය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැති බවත්, ඇය තායිලන්තයේදී පැහැරගැනීමට ලක්වූ පුවත එරට බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
අතුරුදන්වූ මෝස්තර නිරූපිකාව පැහැරගෙන යෑමේ පුවත ප්‍රතික්ෂේප කරමින් තායිලන්ත ආගමන හා විගමන නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඇය පසුගිය මස 26 වැනිදා නැවත බැංකොක් ගුවන්තොටුපොලේ තායි ගුවන්යානයකින් මියන්මාරය බලා පියාසර කළ බවට තහවුරු වී ඇති බවයි.
මේ අතර මියන්මාරයේ බෙලරුසියානු තානාපති ව්ලැදිමිර් බොරොවිකොව් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මියන්මාරයට පැමිණි බවට සඳහන් වන මෝස්තර නිරූපිකාව සොයා ගැනීම සඳහා එරට බලධාරීන්ගේ සහාය ඉල්ලා ඇති බවයි.

