වසරේ දරුණුතම සුළි කුණාටුව ජැමෙයිකාවට
මේ වසරේ ලොව වඩාත්ම දරුණු සුළි කුණාටුව ලෙස ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් නම් කරනු ලැබූ මෙලීසා සුළි කුණාටුව කැරීබියන් මුහුදු තීරය ඔස්සේ ඊයේ පස්වරුවේ ජැමෙයිකාවට ළඟා වෙමින් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ජාත්‍යන්තර සුළි කුණාටු වර්ගීකරණයේ ඉහළම පස්වැනි කාණ්ඩයට අයත් බව කියන ‘මෙලීසා’ චණ්ඩ මාරුතයක් බවට පරිවර්තනය වෙමින් පැයට කිලෝමීටර් 280කට අධික වේගයකින් ජැමෙයිකාවට කඩා වදිනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
දැනටමත් සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ජැමෙයිකාවේ මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඩොමීනිකන් රාජ්‍යයෙන් සහ හයිටි රාජ්‍යයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
මෙලීසා සුළි කුණාටුවෙන් කියුබාවට ද බලපෑම් එල්ලවීමේ වැඩි අවදානමක් ඇති බවත්, ගොඩබිමට ළඟාවීමෙන් පසු එහි වේගය 30%කින් පමණ ඉහළ යනු ඇතැයි අනාවැකි පළ වී ඇති බැවින් එම කලාපයේ රටවල් රැසක ජනතාවට අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා ඒජන්සි මඟින් උපදෙස් ලබා දී තිබේ.
මෙලීසා සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ජැමෙයිකානු රජය ආරක්ෂිත පියවර රැසක් දැනටමත් ගෙන ඇති අතර, එරට දේශගුණික ඇමැති මැතිව් සමූඩා ප්‍රකාශ කර ඇත්තේ ජැමෙයිකාවේ ජනගහනයෙන් 70%ක්ම මුහුදු සීමාවේ සිට කිලෝමීටර් 5ක පමණ දුරකින් පදිංචිව සිටින බැවින් අවදානම් තත්ත්වය ඉහළ ගොස් ඇති බවයි.
රජයේ උපදෙස් මත එම දුර සීමාවේ පදිංචි වී සිටින ජනතාව මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටින බව ද වාර්තා වේ.

