free web stats

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකි­ස්තා­න­යට යන්න සූදානම්

ලබන මස 11 වැනිදා පාකි­ස්තා­න­යේදී ආර­ම්භ­වන ශ්‍රී ලංකා – පාකි­ස්තාන එක්දින තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­ වන ශ්‍රී ලංකා පිල මේ මස 8 වැනිදා රාව­ල්පින්ඩි බලා පිටත් වීමට නියම්තයි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩා­යම වෙන­ස්කම් කිහි­ප­ය­කින් සම­න්විත වන අතර, සංචි­තයේ සිටි නිෂාන් මධුෂ්ක, නුව­නිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලා­ලගේ, ඩිල්ෂාන් මධු­ශංක සහ මිලාන් රත්නා­යක කණ්ඩා­ය­මෙන් ඉව­ත්කර ඔවුන් වෙනු­වට ළහිරු උදාර, කමිල් මිෂාර, ප්‍රමෝද් මධු­ෂාන්, ඒෂාන් මාලිංග සහ වනිඳු හස­රංග ඇතු­ළත් කර ඇත.

අන­තු­රුව ශ්‍රී ලංකා – පාකි­ස්තාන – සිම්බාබ්වේ අතර විස්සයි20 තුන්කොන් තර­ගා­ව­ලිය මේ 17 සිට 29 දක්වා රාව­ල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාං­ග­ණ­ව­ලදී පැවැත් වෙනවා.

විස්සයි20 තුන්කොන් තර­ගා­ව­ලි­යට සහ­භාගි වන ශ්‍රී ලංකා පිලෙන් දුනිත් වෙල්ලා­ලගේ, චාමික කරු­ණා­රත්න, බිනුර ප්‍රනාන්දු හා නුව­නිඳු ප්‍රනාන්දු ඉවත් කොට භානුක රාජ­පක්ෂ, ඒෂාන් මාලිංග හා දුෂාන් හේමන්ත සහ­භාගි කර­වනු ඇතැයි ද වාර්තා වෙනවා.

පාකි­ස්තාන සංචා­රය සඳහා ක්‍රීඩ­ක­යන් 16 දෙන­කු­ගෙන් යුත් සංචි­ත­යක් තෝරා­ගෙන ක්‍රීඩා අමා­ත්‍ය­ව­ර­යාගේ අනු­මැ­තිය සඳහා යවා තිබෙනවා.

මේ එක්දින හා විස්සයි20 තර­ග­වල ශ්‍රී ලංකා ක්‍රිකට් නාය­ක­ත්වය චරිත් අස­ලං­කට පැවරී තිබේ.

ජාතික පිලෙන් ඉවත් කළ දුනිත් වෙල්ලා­ලගේ මේ මස 14 සිට 23 දක්වා කටාර්හි පැවැ­ත්වෙන ආසි­යානු කුස­ලාන නැගී එන කණ්ඩා­යම් අතර තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යමේ නාය­ක­ත්ව­යට තෝරා ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *