ලොව මිල අධිකම පුදුම රස කෝපි කෝප්පය
ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් කෝපිවලට හිමිවන්නේ, ප්‍රමුඛ ස්ථානයක්.
මක්නිසාද, ලෝකයේ බොහෝ දෙනා තම එදිනෙදා ජීවිතයේ කොටසක් ලෙස කෝපි කෝප්පයක රස බැලීමට පුරුදු වී සිටීම හේතුවෙන්.
වාර්තාවක් තබමින් අලෙවි වුණු කෝපි කෝප්පයක් පිළිබඳව පුවතක් අපට ඩුබායි රාජ්‍යයෙන් වාර්තා වෙනවා.
අමෙරිකානු ඩොලර් 1,000ක්, එහෙමත් නැත්නම් රුපියල් තුන්ලක්ෂ හාරදස් තුන්සිය අනූ පහක් වැනි මුදලකට මේ කෝපි කෝප්පය අලෙවි වී තිබෙනවා.
දැනට ලොව මිල අධිකම කෝපි කෝප්පය විදහටත් මෙය හඳුන්නු ලැබේ.
මෙම වාර්තාගත කෝපි කෝප්පය අලෙවි කර තිබෙන්නේ, ඩුබායි රාජ්‍යයේ පිහිටි කැෆේ එකකින්.
පැනමා රාජ්‍යයේ දුර්ලභ කෝපි විශේෂයක් මේ කෝපි පානය නිෂ්පාදනය සඳහා යොදාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම මිල අධික කෝපි පානයේ රස බැලූ බොහෝ දෙනා සඳහන් කර ඇත්තේ,
එය අමුතු පැණි රසකින් යුක්ත වන බවයි.
කෙසේ වෙතත්, මෙවැනි කෝපි කෝප්ප 400ක් පමණක් අලෙවි කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.
මීට පෙර ඩුබායි රාජ්‍යයේදීම ඩිරාම් 2,500කට එනම් අමෙරිකානු ඩොලර්
680කට පමණ අලෙවි වූ කෝපි කෝප්පයක් ලොව මිල අධිකම කෝපි කෝප්පය ලෙස වාර්තා අතරට එක්වූවා.

