ප්‍රධාන විපක්ෂයට වඩා පොහොට්ටුවේ දේශපාලන ගමන වේගවත්
මෙරට ප්‍රධාන විපක්ෂයට වඩා වේගවත් දේශපාලන ගමනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට ගමන් කරමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසූවා.
ඊට අනෙක් සියලු පක්ෂ ද එකතු වුණොත් ඒ ගමන තවත් වේගවත් කළ හැකි බවද ඔහු කියා සිට්යා.
වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වම්න් එතුමා පැවසූවේ,
“21 වැනිදා විපක්ෂය නුගේගොඩදී සංවිධාන කරන රැලිය ගැන ආණ්ඩුවේ සමාජ ජාලා හසුරුවන ඇතැම් පිරිස් කලබල වෙලා. අපේ රැලිය ගැන අපට වඩා ඒ අයයි කතා කරන්නේ. ආණ්ඩුව හොඳට වැඩ කරනවානම් කාගෙවත් රැලිවලට බය වෙන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය හා පාතාලයෙන් තමයි ගොඩ යන්න බලන්නේ. මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කිරීමට අපි අත් දෙක උස්සලා සහයෝගය දෙනවා. ඊට අත ගැසීම ගැන ස්තූතිවන්ත වෙනවා. හැබැයි ආණ්ඩු කරනවා කියන්නේ ඕවා කිරීම පමණක්ම නොවෙයි. මේ වනවිට රටේ තිබෙන ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය, ගුරුවරුන්ගේ ප්‍රශ්න, වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න, ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුව කතා කරන්නේ නෑ. ආණ්ඩුවේ 159 දෙනා ඒ ගැන කතා නොකරද්දී විපක්ෂයක් ලෙස අපට වගකීමක් තිබෙනවා. ඒ ප්‍රශ්න ගැන කතා කරන්න.
මේ රට වැටෙන්න යන තැන ගැන සාකච්ඡා කර විසඳුමක් හොයමු කියා තමයි අපි සද්භාවයෙන් සියලු පක්ෂවලට නුගේගොඩ රැලියට ආරාධනා කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබෙනවා 21 වැනිදා නුගේගොඩ රැලියේ වාඩි වෙන්න. නුගේගොඩ බැරිනම් තුන්මුල්ලේ ඉඳගෙන හරි ජනතාවගේ ප්‍රශ්න කතා කළ යුතුයි. හැබැයි අද ඉන්න ප්‍රධාන විපක්ෂයට වඩා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ව්‍යාපාරය වේගවත්. මේ සියලුදෙනා එකතු වුණොත් මෙය තවත් වේගවත් කරන්න පුළුවන්.”

