ගොවි ජනතාවගේ වෙළඳපොළ ගැටලුව ක්‍රමානුකූලව විසඳනවා
ගොවි ජනතාවගේ වෙෙළඳපොළ ගැටලුව ක්‍රමානුකූලව විසඳන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසූවා.
ගොවි ජනතාවගේ බෝග සඳහා වූ වෙළඳපොළ ගැටලුව විසඳීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන් කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ සිවුවැනි දින විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
නියෝජ්‍ය ඇමැතිවරයා වැඩ්දුරටත් පැවසූවේ,
“ආණ්ඩුව බදු ගහනවා කියලා රජයට චෝදනා කරනවා. අපි බදු ගහලා නෙවෙයි අපි බදු කළමනාකරණය කිරීමක් කරලා තිබෙන්නේ. බදු නොගෙවූ අයගෙන් බදු අය කර ගැනීම් දැන් කරනවා. මෙරට සියලු ජනතාවට බලාපොරොත්තු තැබිය හැකි අයවැයක් ඉදිරිපත් කළා. මුං ඇට ගෙන්වීම පවා අපි නතර කර තිබෙනවා. බඩඉරිඟු සැලකිය යුතු නිෂ්පාදනයක් දැන් සිදු වෙනවා. ලොකු ලූනු මෙට්‍රික්ටොන් 72000ක් දැන් නිෂ්පාදනය වෙනවා. නිෂ්පාදනය වැඩි වන විට වෙළඳපොළ ගැටලු නිර්මාණය වෙනවා. ”

