ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වනවා
ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.
ඒ මහතා සඳහන් කළේ, මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවයි.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා පොලීසිය “සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති” බවත් ජාතික ආරක්ෂාව බිඳවැටී ඇතිබවත් ඔහු පැවසූවා.
රජය විසින් පනවා ඇති අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.
අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලුදෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටින බව නාමල් රාජපක්ෂ පැවසූවා.
මෙය කවුරුවත් රජ කිරීමට කරන විරෝධතාවයක් නොව ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා විරෝධතා රැලියක් බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසූවා.

