“ගැලීටෝස්”ග්‍රිල් චිකන් සන්නාමය ශ්‍රී ලංකාවට
දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමයක් වන ගැලීටෝස් (Galitos), ග්‍රිල් චිකන් සහ මිරිස් රසැති සෝස් සමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබාදීමට සූදානම් වෙනවා.
අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල් අසීස් මොහොමඩ් හිල්මි මහතා සහ ගැලීටෝස් ජාත්‍යන්තර සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Louis Germishuys අතර ගැලීටෝස් හදුන්වාදීම සදහා වන ගිවිසුම පසුගියදා අත්සන් කරනු ලැබුවා.
එමඟින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින වෙත සන්නාමයේ නිල ප්‍රවේශය සිදුවෙනු ඇත.
1996 දී දකුණු අප්‍රිකාවේ නෙල්ස්ප්‍රූට් නම් කුඩා නගරයෙන් ආරම්භ වූ ගැලීටෝස්, දකුණු අප්‍රිකාවේ ගෘහ නාමයක් ලෙස ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වූවා.
එහි සැබෑ ලෙස ග්‍රිල් කළ රසය හදුන්වාදෙන අතර, සැබෑ ඖෂධ පැළෑටි, සුදුළූණු, ලෙමන් සහ අප්‍රිකානු මිරිස් වලින් සාදන ලද නැවුම්ව සකස් කරන ලද පෙරී-පෙරී සෝස්වල රසය ඇතුළත් කර තිබෙනවා.
වසර ගණනාවක් පුරා, ගැලීටෝස් සන්නාමය වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර දැන් කෙන්යාව, කැනඩාව, සර්බියාව සහ බංග්ලාදේශය ඇතුළු දකුණු අප්‍රිකාවෙන් පිටත රටවල් 17 කට වැඩි ගණනක වෙළඳසැල් 260 ක් සමඟ ගනුදෙනුකරුවන්ට සේවය ලබාදෙමින් සිට්නවා.
ආහාර ලෝලීන්ට නිර්භීත දකුණු අප්‍රිකානු රසයන් අත්විඳීමට අවස්ථාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාව මෙම ගෝලීය පියසටහනට එක්වන නවතම ගමනාන්තයවේ.
ගුණාත්මකභාවය, රසය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් විචිත්‍රවත් භෝජන අත්දැකීමක් පාරිභෝගිකයින්ට ලබා දෙමින් ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ස්ථානවල ගැලීටෝස් අලෙවිසැල් දෙකක් විවෘත කිරීමට නියමිතයි.
කලාපය තුළ සන්නාමයේ ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින්, මාලදිවයිනේ අලෙවිසැලක් ද පසුකාලීනව සැලසුම් කර තිබේ.
අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට ජාත්‍යන්තර ආහාර සන්නාම හඳුන්වා දීමේ ප්‍රමුඛයෙක් වන අතර සෞදි අරාබි රාජධානියට ඇතුළුවීම සඳහා සූදානම් වෙමින් සිට්නවා.
අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගම සිංගප්පූරුවේ පැස්ටාමේනියා මෙම කලාපයට සාර්ථකව ගෙන ආ අතර, ගෝලීය ව්‍යාප්තිය සඳහා දැන් සූදානම් වෙමින් පවතින තමන්ගේම ශ්‍රී ලාංකික සන්නාමයක් වන “අයිලන්ඩ් රැප්ස් ” සන්නාමයද හදුන්වාදුන්නා.
ගැලීටෝස් හඳුන්වාදීම මගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සඳහා ආහාර විකල්ප විවිධාංගීකරණය කිරීමට සහ නව සූපශාස්ත්‍ර අත්දැකීම් නිර්මාණය කිරීමට අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගම දරන අඛණ්ඩ කැපවීම පිළිබිඹු වෙනවා.
“ගැලිටෝස් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවා එහි ගිනිදැල්-ග්‍රිල් කළ කුකුල් මස් සහ අව්‍යාජ ගිනිමය සෝස් ලොව පුරා හදවත් දිනාගෙන ඇති අතරල ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් මෙම ආකර්ෂණීය නව අත්දැකීම වැළඳ ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.
මෙම දියත් කිරීම මගින් විවිධ ගෝලීය ආහාර වර්ග හඳුන්වා දීමේ අපගේ දැක්ම ශක්තිමත් කරන අතරම ජාත්‍යන්තර භෝජන සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනඟා ගනී”යනුවෙන් අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල් අසීස් මොහොමඩ් හිල්මි සදහන් කළා.




