free web stats

තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (18) පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වුණා.

එම තරගය කඩුලු 5කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා.

ඒ අනුව ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය පාකිස්තානය කඩුලු 5ක් දැවී පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ ලකුණු 151ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *