free web stats

පසුගිය ආණ්ඩු රු. ට්‍රිලියනයක් විදුලිබල ක්ෂේත්‍රයට ආයෝජනය කළා

වසර 76ක ශාපයක් පිළිබඳ වත්මන් ආණ්ඩුව කතා කළත් එම කාලයේදී රුපියල් ට්‍රිලියනයක මුදලක් විදුලිබල ක්ෂේත්‍රයට ආයෝජනය කර තිබෙන බව මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රවී කරුණානායක මහතා,

“මෙගාවොට් 2500ක් පමණ මේ වනවිට රටේ විදුලිය ජනනය වෙනවා. සියයට 5ක වර්ධන වේගයක් තියාගෙන ඩොලරය රුපියල් 300ට වැඩි ප්‍රමාණයක් වෙනවා.

මේ දින 17න් අපේ රටේ ණයබරතාව බිලියන 300 කින් ඉහළ ගොස් තිබෙනවා. එය අපේ ආයෝජනයට බලපානවා. අපේ විදුලිබලය ගත්විට මෙගාවොට් 1500 පුනර්ජනනීය බලශක්තියෙන් වෙනවා. විකුණන ඒකකයක මිල වැදගත් වෙනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *