free web stats

රඹුක්කනදී ත්‍රීරෝද රථයක් මතට ගසක් වැටී අනතුරක්

මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අද (23) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

තලගොල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.

ගස වැටීම හේතුවෙන් එහි සිටි පිරිස් සිරවී ඇති අතර, මේ වනවිට එහි සිටි එක් දරුවෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සෙසු පිරිස මුදාගැනීමේ කටයුතු මේ වනවිට සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *