අළු බඳුන දෙවැනි වේගවත්ම ශතකය -ට්‍රැවිස් හෙඩ්ගෙන්
අළු බඳුන ඉතිහාසයේ දෙවැනි වේගවත්ම ශතකය ට්‍රැවිස් හෙඩ් සතුවූ අතර, මේ හේතුවෙන් පර්ත් පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 8ක ජයක් හිමිකර ගත්තා.
පන්දු 69කින් ශතකය වාර්තා කළ හේඩ් වසර 127ක් පැරණි වාර්තාවක් ද බිඳ දැමීය. 2006දී පර්ත්හි වැකා ක්‍රීඩාංගණයේදී ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 57කින් ශතකයක් රැස් කළා.
එය අළු බඳුන ඉතිහාසයේ වේගවත්ම ශතකය වේ.
මේ ටෙස්ට් තරගයේදී ඕවර 141ක් යවා තිබූ අතර, සියලු කඩුලු වේග පන්දු යවන්නන්ට හිමි විය. දඟ පන්දු යවන්නන් ඕවර තුනක් යැවීය. 1921දී නොටින්හැම් පැවති ටෙස්ට් තරගය දින දෙකකින් අවසන් වූ අතර, වසර 104කට පසු මේ පර්ත් ටෙස්ට් තරගය ද දින දෙකකට සීමා වූවා.

