නව මාධ්‍ය කලාවක් ඇති කිරීම ආණ්ඩුවේ වගකීමක්
නව මාධ්‍ය කලාවක් ඇති කිරීම වෙනුවෙන් ආණ්ඩුවට වගකීමක් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (පාර්ලිමේන්තුවේ දී පෙරේදා (22) ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මුජිබර් රහුමාන් මහතා,
විශේෂඥ වෛද්‍යවරුන් 2,000ක් වගේ ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ විශ්‍රාමික වයස 63ක් පමණ වෙනවා. එය 65 දක්වා වැඩි කරගන්න පුළුවන්කම තිබෙනවා. ඇතැම් රටවල 68 දක්වා වැඩ කරනවා. අපේ රටේ වෛද්‍යවරුන් 65න් විශ්‍රාම ගොස් විදෙස් රටවලට යනවා. ඒ නිසා විශ්‍රාමික වයස් සීමාව 65 දක්වා හෝ ගෙන යා යුතු වෙනවා.
මේ සඳහා අවස්ථාව තිබෙනවා. වෛද්‍ය හිඟයක් මේ රටේ තිබෙනවා. ඒ නිසා විශ්‍රාමික සීමාව වැඩි කරන්න පුළුවන් නම් යම් විසඳුමක් ගන්න පුළුවන්. පසුගිය අය-වැයෙන් සෞඛ්‍ය සේවයේ අතිකාල දීමනා කප්පාදු කළා. භාණ්ඩාගාරයේ අවශ්‍ය මුදල් ප්‍රමාණය සම්පූර්ණ වූ පසුව අතිකාල සහ නිවාඩු දීමනාවලින් තුනෙන් එකක් දෙන බව සඳහන් කළා. මේ වන විට භාණ්ඩාගාරය පිරී තිබෙන නිසා එය දෙන්න පුළුවන්.”

