සක්‍රිය වූ ඉතියෝපියාවේ ගිනිකන්ද
ඉතියෝපියාවේ ඩැනාකිල් කලාපයේ පිහිටා ඇති හේලි ගුබ්බි ගිනිකන්ද ඉතිහාසයේ පළමුවතාවට සක්‍රිය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසර දසදහසකට වඩා පැරැණි බවට සැලකෙන ගුබ්බි ගිනිකන්ද දීර්ඝ ඉතිහාසය පුරා සක්‍රිය වීමේ සිදුවීමක් වාර්තා වී නැති බැවින් එය නිද්‍රාශීලී ගිනිකන්ද ලෙස ද හඳුන්වනු ලබන අතර, ඊයේ උදෑසන සිදුවූ මේ අනපේක්ෂිත සහ විමතිය දනවනසුලු පිපිරීමෙන් කිලෝමීටර් 15ක් ඉහළ අහසේ රතු මුහුදට ඔබ්බෙන් ඕමානය සහ යේමනය දෙසට අළු විසිරී ගිය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
නිරිතදිග ආසියානු කලාපය දෙසට අළු විසිරී යෑම හේතුවෙන් එම කලාපයේ පියාසර කරන ගුවන්යානාවලට ද අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර, ඊයේ පස්වරුව වනවිට අලු විසිරීම අඩු මට්ටමක පැවැති බවද වාර්තා වෙනවා.

